Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th August 2023 18:54:53 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිඳුන්ගේ ගුණානුස්මරණය

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී සෙන්පතිඳුන්ගේ 31 වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කරන ලද සමරු උත්සවයක් 2023.08.08 වන අඟහරුවාදා දින කිරිබත්ගොඩ ස්ථාපනය කර ඇති එතුමන්ගේ පිළිරුව අභියසදී එතුමන් හට පුෂ්පෝපහාර දක්වමින් සිදුකරන ලදි.

යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ගේ අධීක්ෂණය මත මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන ලදි. මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරල් පාබළ මේජර් ජෙනරාල් සංජීව ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු, අධ්‍යක්ෂ සුභ සාධක බ්‍රිගේඩියර් රොහාන් රාජපක්ෂ ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිඳුන්ගේ ආදරණීය පුත් කර්නල් හිරාන් විමලරත්න යූඑස්පී, එතුමන්ගේ ආදරණීය දියණිය ඇතුළු සමීපතම ඥාතීන් කිහිප දෙනෙකු සහභාගී වුහ.