Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

16th October 2023 15:46:21 Hours

ගජබා රෙජිමේන්තුවේ ධජයන්ට සෙත්පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ආශිර්වාද පුජාවක්

ගජබා රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි පළමු අංගය වශයෙන් රෙජිමේන්තු ධජයට සහ ඒකක ධජයන්ට සෙත්පතා ආශිර්වාද ලබාගැනීම 2023 ඔක්තෝබර් මස 04 වැනි දින ජය ශ්‍රී මා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි. යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මගපෙන්වීම මත සාම්ප්‍රදායික බෙර වාදනයන් හා හේවිසි හඩ මාධ්‍යයේ පැවති මෙම ආශිර්වාද පුජාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ මාණ්ඩලික නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වුහ.