Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

16th October 2023 15:52:23 Hours

ගජබා රෙජිමේන්තුවේ ධජයන්ට සෙත්පතා ඉස්ලාමීය යාඥාවක්

ගජබා රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි එක් අංගයක් වශයෙන් රෙජිමේන්තු ධජයට සහ ඒකක ධජයන්ට ආශිර්වාද ලබාගැනීමේ විශේෂ ඉස්ලාමීය යාඥාවක් 2023 ඔක්තෝබර් මස 04 වැනි දින සවස අනුරාධපුර මොහෙදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ දී පැවැත්විණි.

මෙහිදී චාරිත්‍රානුකූලව ඉස්ලාමීය 'බයාන්' ආගමික දේශනාව පවත්වමින් රෙජිමේන්තු ධජයට සහ ඒකක ධජයන්ට ආශිර්වාද කිරීම සිදුකල අතර, ගජබා රෙජිමේන්තුව විසින් සිදුකරන ලද සේවාව අගයමින් මොහෙදීන් ජුම්මා පල්ලියේ ප්‍රධාන මවුලවි ඒ. එම්. කයුමේ මවුලවි මහතා විසින් විශේෂ සජ්ඣායනාවක් හා කිරාත් යාඥාවන් පවත්වා අනතුරුව ප්‍රාර්ථනා යාඥාවන්ද සිදු කරන ලදි. මෙම ආගමික කටයුත්ත සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ මාණ්ඩලික නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වුහ.