Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

16th October 2023 15:48:26 Hours

ගජබා රෙජිමේන්තුවේ ධජයන්ට සෙත්පතා අනුරාධපුර කදිරේෂන් කෝවිලේදී ආශිර්වාද පුජාවක්

ගජබා රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් 2023 ඔක්තෝබර් මස 04 වැනි දින අළුයම ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවති ආගමික වැඩසටහනින් අනතුරුව රෙජිමේන්තු ධජයට සහ ඒකක ධජයන්ට හින්දු සම්ප්‍රදායන්ට අනුව සෙත්පැතීමේ ආශිර්වාද පූජාව එදිනම අනුරාධපුර කදිරේෂන් කෝවිලේදී පැවැත්විණි.

ප්‍රධාන පූජකතුමන්ගේ අනුශාසනා හා උපදෙස් මත හකුරු කිරිබත් හා පලතුරු පුජාවක්ද සිදුකරමින් ආගමික වතාවත් සහ චාරිත්‍රයන් සිදුකරමින් රෙජිමේන්තු ධජය සහ සියලුම ඒකක කොඩිය සෙත් පැතීම සිදුකර ආශිර්වාද ලබා ගැනීම සිදුකල අතර, මෙම ආගමික කටයුත්ත සිදුකිරීම සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ මාණ්ඩලික නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වුහ.