Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 15:03:27 Hours

ගජබා රෙජිමේන්තුවේ තවත් ප්‍රවීණ කෙටේරිවරුන් තිදෙනෙකුට වර්ණවත් වු රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි.

ගජබා රෙජිමේන්තුවේ සාඩම්බර සාමාජිකයින් වු මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හිටපු ආඥාපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු, යුධ හමුදා තූර්ය වාදක හා රංග කලාඅම හිටපු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි (විශ්‍රාමික) ආර්එස්පී, 111 වන පාබල බලසේනාවේ හිටපු බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාම යාම නිමිත්තෙන් වර්ණවත් වු රාත්‍රී භෝජන සංග්‍රහයක් 2023 ජුලි මස 07 වන දින ගජබා නිවහනේදී පවත්වන ලදි.

රෙජිමේන්තු සම්ප්‍රදායේ අංගයක් වශයෙන් ගජබා රෙජිමේන්තුවට, ශ්‍රී ලංකා යුද හමුදාවට මෙන්ම සමස්ථ මවුබිමට ඔවුන් සිදුකලා වු විශිෂ්ඨ සේවය අගයනු වස් ඔවුන් හට ගෞරවය හා කෘතවේදීත්වය පුදකරමින් ඔවුන්ව ඇගයීම සඳහා මෙම සමුගැනීමේ රාත්‍රිය ගෞරවනීය ලෙස සංවිධානය කර තිබිණි.

රාත්‍රී භෝජන සංග්‍රහයකින්ද සමන්විත වු මෙම සමුගැනීමේ රාත්‍රීය යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු විසින් පවත්වනු ලැබු අතර, යුධ හමුදා සේවා වනිතා ඒකකය සහ ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිණී ජානකී ලියනගේ මහත්මිය, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.