Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

16th October 2023 15:50:49 Hours

ගජබා රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය පතා දේව මෙහෙයක්

ගජබා රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන සර්ව ආගමික වතාවත්හි තවත් එක් අංගයක් වශයෙන් විශේෂ කිතුනු දේව මෙහෙය 2023 ඔක්තෝබර් මස 04 වැනි දින අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේ දී පැවැත්විණි.

මෙම විශේෂ දේව මෙහෙය සිදුකල ෆාරිස් ජයමහ පියතුමන් විසින් සංවත්සර සැමරුමේ වැදගත්කම පෙන්වා දෙමින් විශේෂ ප්‍රකාශයක් සිදුකල අතර, ආශිර්වාදයට එක්වන ලෙස සැමට ආරාධනා කරමින් රෙජිමේන්තු ධජය සහ ඒකක ධජයන්ට ආශිර්වාද කිරීම සිදුකරන ලදී.

මෙම ශුද්ධෝත්තම දේවමෙහෙයේදී යුද බිමේ සහ වෙනත් හේතූන් මත මියගිය සියලුම රණවිරුවන්ගේ ආත්මයන් වෙනුවෙන් යාච්ඥා කරමින් තුවාල ලබා සිටින සියළුම රණවිරුවන් හටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල අතර, සේවයේ යෙදී සිටින සියළුම කෙටේරි සාමාජිකයින්ට ද ආශිර්වාදය පුද කරන ලදි. මෙම ආගමික කටයුත්ත සිදුකිරීම සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ මාණ්ඩලික නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වුහ.