Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

04th July 2018 09:46:43 Hours

ගජබා රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය සැපිරිම නිමිත්තෙන් පවත්වනු ලැබු කප්රුක් පුජාව

ගජබා රෙජිමේන්තුවට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් අතිගරු ජනපතිඳුන් ප්‍රමුඛ රජයටත්, යුද්ධ හමුදාපතිතුමන් ඇතුලු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රණවිරුවන්ටත්, ගජබා රෙජිමේන්තුවේ වර්තමාන රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ ගජබා පවුලේ සියළුම රණවිරුවනන්ටත්, ලක්වාසි සැමටත් සෙත් පැතීමටද, ගජබා රෙජිමේන්තුවේ නිර්මාර්තෘ දිවංගත අභීත සෙන්පති මේජර් ජෙනරල් විජය විමලරත්න ඇතුලු යුද්ධයේදි දිවිපිදු සැමට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමින්ද, යුද්ධයෙන් තුවාල ලැබු රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරිමටද අතිපූජණීය අසිරිමත් ස්වර්ණමාලි සෑ රදුන් උදෙසා කංචුක පූජාවක්, අගිල් දුම් පූජාවක් හා ලක්ෂ ගණනින් පුෂ්පෝපහාර පූජාවක් ස්වර්ණමාලි සෑ රදුන් අභියසදි පැවැත්වීමට, ගජබා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණියගේ අදහසකට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්ය නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක හා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකගේ පුර්ණ අධීක්ෂණයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සහ ගජබා සේවාවනිතා ශාඛාව කටයුතු සුදානම් කරන ලදි.

2018.06.23 වන දින පැවති මෙම පින්කම සදහා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබිලිවිපි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, ගජබා සේවා වනිතා එකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණියද, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද, රෙජිමේන්තු කාර්ය නියුක්ත මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පිරිස් ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි හා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්ෂ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළුව රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසක් මේ සදහා සහභාගි වන ලදි.