11th October 2024 22:40:54 Hours
යුධහමුදාපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම්ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගජබා රෙජිමේන්තු අධිපති තනතුර භාරදීම මේජර් ජෙනරාල් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව්ඩබ්ලිව් එම් සී බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඔහුගේ යෂ්ටියේ අනුරුව පිරිනැමීම සමගින් සංකේතාත්මකව සිදු කරමින් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ධූරයෙන් ඉවත්වීම සනිටුහන් කරන ලදි.
ඒ අනුව, බ්‍රහස්පතින්දා (26) දින මේජර් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව්ඩබ්ලිව් එම් සී බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ගජබා රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස අනුරාධපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී චාරිත්‍රානුකූලව චාම් උත්සවයක් සමගින් සුබ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.
රෙජිමේන්තු අධිපති තුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණීමත් සමග ඔහුට සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව, රෙජිමේන්තු අධිපති විසින් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සිය රාජකාරි භාරගැනීම සංකේතවත් කළ අතර, අනතුරුව සම්ප්රදායේ කොටසක් ලෙස මෙම සුවිශේෂී දිනය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, ඉන් අනතුරුව අවස්ථාවට සහභාගීවී සිටි සියළුම නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.
රෙජිමේන්තුවේ කර්නල්වරයා විසින් නිලධාරින් ඇමතීමෙන් අනතුරුව සමස්තයක් වශයෙන් මෙම කීර්තිමත් රෙජිමේන්තුවේ උසස් සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වාරිත්‍රවල කොටසක් ලෙස පවත්වන ලද සරල හා ගෞරවනීය උත්සවයේ සියලු නිළ තේ පැන් සංග්‍රහයෙන් උත්සවය අවසන් විය.