?
15th October 2025 08:12:48 Hours
ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 42 වැනි සංවත්සරය 2025 ඔක්තෝබර් මස 14 දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සව මාලාවක් සමඟින් සමරන ලදී. 2025 ඔක්තෝබර් මස 03 වන දින සියළු ආගමික වතාවත් මඟින් ඒකක ධජයන් සඳහා ආශීර්වාද වැඩසටහනකින් ආරම්භ වූ අතර, 2025 ඔක්තෝබර් මස 12 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ පසු දින මහා සංඝරත්නය වෙත දානමය පිංකමක් ද පැවැත්විණි.
2025 ඔක්තෝබර් මස 13 වන දින රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් යු කේ ඩි ඩි පි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මාතෘභූමිය වෙනුවෙන් ජීවිත කැපකල නිලධාරීන් සහ සෙසුනිලයින් සිහිකරමින් පුෂ්පෝපහාර දැක්වීම සිදුකල අතර, මෙම අභිමානවත් රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන් වෙත ගෞරව දැක්වීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ බිරින්දෑවරුන් 62 දෙනෙකු සහභාගී විය.
සංවත්සර දිනයේදී රෙජිමේන්තු අධිපති, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස් ජි ඒ එල් ඩබ්ලිව් සපුගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගනු ලැබූ අතර, රෙජිමේන්තු අධිපති වෙත පිරිනමනු ලැබු කඳවුරු මුරයෙන් පසුව ගජබා රෙජිමේන්තුවේ "නිර්මාතෘ" දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිදුන්ගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීය.
මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ ආර් කළුපහන ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත, රෙජිමේන්තු අධිපති වෙත රෙජිමේන්තු වර්ණ ධජය සහ සියලුම බළඇණි නියෝජනය කරමින් නිලධාරින් 35 දෙනෙකු, සෙසුනිලයින් 405 දෙනෙකුගෙන් සමන්විත සම්මාන පෙළපාළියේ ආචාරය පිළිගන්වන ලදි.
ඉන් පසුව, රෙජිමේන්තු අධිපති විසින් පැලයක් රෝපණය කිරීම සහ රෙජිමේන්තුවේ සියළුම නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනිසිටින ලදි. සියළු නිල සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහයකින් පසුව උත්සවයේ කටයුතු අවසන් කරන ලදි.