Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

07th February 2022 16:26:47 Hours

ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානිහට ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්වු ගජබා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරි වරයෙකු වන මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩ්යු වෙත උපහාර පිදීම අද දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිය මංගල නිල සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී, එතුමන්ව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට පැමිණ සිටි රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට අයත් සියලූම නිලධාරින් හා සෙසුනිලයින් ද එතුමන්ව පිලිගන්නා ලදී.

ඉන් අනතුරුව, මාණ්ඩලික ප්‍රධානී විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී පිඑස්සී ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු රෙජිමේන්තු භට පිරිස් විසින් පිරිනමන ලද ගෞරව සම්මාන ආචාරය පිලිගනු ලැබිය. එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාර ගැනිමෙන් පසු "ගජබා නිවහන" වෙත සිය මංගල සංචාරය සනිටුහන් කිරීම සඳහා ඔහු විසින් පැළයක් රෝපණය කිරීමද මෙහිදී සිදුකරනු ලදී.

මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යේෂ්ඨ නිලධාරිවරුන්, රෙජිමේන්තුවේ අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරිවරුන් ඒකක අණදෙන නිලධාරි වරුන් හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මංඩලයට අයත් සියලු නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වන ලදී.