Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

22nd March 2018 12:43:42 Hours

ගජබා රෙජිමේන්තු වර්ණ රාත්‍රිය - 2018

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා, ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම රණක්ෂිතයට පත් ආබාධිත ක්‍රීඩකයින් ඇතුළුව මෙම රෙජිමේන්තුවට මෙන්ම යුද්ධ හමුදාවටම කීර්තියක් අත්කරදුන් ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් අගයමින් දෙවන වරටත් ගජබා රෙජිමේන්තුව විසින් 2018 මාර්තු මස 20 වන දින කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී වර්ණ සම්මාන උළෙලක් පවත්වන ලදි. ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ ආරාධනයට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලූතිතන් ජෙනරල් මහේෂ් සේනානායක මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාව සඳහා සහභාගී වු අතර, ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිණී චන්ද්‍රිකා සේනානායක මහත්මියද මේ සඳහා සහභාගී විය. හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායක මෙන්ම හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වු මහේල ජයවර්ධන මහතා ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මෙම ගජබා වර්ණ ප්‍රධානෝත්සවයේදී වර්ණලාභීන් 101 දෙනෙකු සඳහා වර්ණ ප්‍රධානය කිරීම සිදුකරන ලදි. ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරය හෙබවු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගජබා රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් සහ වර්ණලාභී පවුල්වල සාමාජිකයින් ද විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාව සඳහා සහභාගී වුහ. ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වු මේජර් ජෙනරල් විජය විමලරත්න මැතිතුමාගේ ප්‍රිය භාර්යාව වන මානෙල් විමලරත්න මහත්මිය විසින් 35 වන රෙජිමේන්තු සංවත්සර සැමරුම නිළ වශයෙන් ආරම්භ කරන ලදි. සංගීත හා ඓතිහාසික සංස්කෘතික අංගයන් කිහිපයකින් ද වර්ණවත් වු මෙම වර්ණ රාත්‍රියේදී හිටපු ආරක‍්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරය හෙබවු ලූතිතන් ජෙනරල් ජගත් ඩයස්, වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මහේල ජයවර්ධන මහතා විසින් වර්ණ ලාභීන් හට වර්ණ ප්‍රධානය කිරීම සිදුකරන ලදි. මෙම වර්ණ රාත්‍රිය අවසන් අධියරේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි දක්ෂතාවයන් දැක්වු ක්‍රීඩකයින් සඳහා යුද්ධ හමුදාධිපති ලූතිතන් ජෙනරල් මහේෂ් සේනානායක මැතිතුමා විසින් රිදී කෙටේරි සම්මානයන් ප්‍රධානය කරන ලදි.