Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd April 2018 16:45:47 Hours

ගජබා රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය විසින් සංවිධානය කරන ලද බක්මහ උළෙල

ගජබා රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය විසින් සංවිධානය කරන ලද බක්මහ උළෙල සේනපුර යුධ හමුදා කඳවුරු ක්‍රීඩාංගනයේදී අප්‍රේල් මස 20 වන දින අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ. පාරම්පරික ජන ක්‍රීඩා මෙන්ම සංස්කෘතික අංගයන් රැසකින් ද සමන්විත වු මෙම අවුරුදු උත්සවය අවසානයේ ප්‍රසිද්ධ කලාකරුවන් රැසක් සහභාගී වු වර්ණවත් සංගීත රාත්‍රියකින්ද විචිත්‍රවත් විය. ගජබා රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වු අතර, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සමාජිකයින්, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන වැඩ බලන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්, රෙජිමේන්තුවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඒකක අණදෙන නිලධාරී තුමන් ඇතුලූ ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය. ප්‍රදේශයේ විශාල සිවිල් ජනතාවකගේද සහභාගීත්වයෙන් මෙම අලූත් අවුරුදු උත්සවය ඉතාමත් අලංකාරවත් ලෙස පැවැත්වුණි.