Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th January 2024 18:44:50 Hours

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හරසරින් පිළිගැනේ

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 26 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රෙජිමේන්තුවට අයත් කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් ඒ බී විජේකෝන් යූඑස්පී එන්ඩිසි 2023 දෙසැම්බර් මස 01 වන සිකුරාදා දින වැඩ භාර ගන්නා ලදී.

නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් රෙජිමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ එතුමන් පිලිගැනීම සඳහා අභිමානවත් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙහිදී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ ආර් කලුපහන ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් ඉතා උණුසුම් අන්දමින් එතුමන්ව පිළි ගැනීමෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වන ලදී.

අනතුරුව ගජබා රෙජිමේන්තු ප්‍රධාන පිවිසුමේ දී කඳවුරු මුරයකින් එතුමන් පිළිගන්නා ලද අතර, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව වෙත මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු එතුමන් වෙනුවෙන් පිරිනමනු ලැබූ වර්ණවත් පෙළපාලියේ ආචාරය ලබා ගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් ආගමික ආශිර්වාද මධ්‍යයේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස නව තනතුර භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට සිය අත්සන තැබීය.

එම අවස්ථාවට පැමිණ සිටි සියලුම නිලධාරීන් සහ ජ්‍යෙකොනොනින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර පසුව මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් නා පැළයක් රෝපණය කරන ලදී.

ඉන් පසුව සෙසුනිළ භෝජනාගාරයේ පැවති සියලු නිළ තේ පැන් සංග්‍රහයකින් අනතුරුව මෙම උත්සවය අවසන් කරන ලද අතර, එහිදී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි සියලු දෙනා සමග සුහද කථා බහක නිරත විය.

මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියළුම නිලධාරින්, ඒකක අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියළුම සෙසුනිලයින් එක්ව සිටියහ.