Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 09:51:26 Hours

ගජබා රෙජිමේන්තු අන්තර් බලඇණි බැඩ්මින්ටන් තරඟාවලිය - 2023

ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩා අංශය විසින් සංවිධානය කරන ලද “ගජබා රෙජිමේන්තු අන්තර් බලඇණි බැඩ්මින්ටන් තරඟාවලිය - 2023” 2023 මැයි මස 20, 21 සහ 22 යන දිනයන්හිදී ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි. යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මග පෙන්වීම මත මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පීගේ පූර්ණ අධීක්ෂණය මත මෙම තරඟාවලිය සංවිධානය කරන ලදි.

මෙහි මූලික වටයේ තරඟ අවුරුදු 30 න් පහළ කේවල, 30 න් ඉහළ කේවල, 30 න් පහළ යුගල සහ 30 ට වැඩි යුගල යන කාණ්ඩ යටතේ 2023 මැයි 20 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලද අතර, තරඟාවලියේ අවසන් තරඟ මැයි මස 22 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

අවසන් මහා තරගයේදී 12 වැනි බලඇණියට අයත් සෙ/484678 ලා/කෝප්‍රල් එෂාන් ඩීඑම්එල් පරදවා එම බළඇණියට අයත් ලුතිතන් ජී එන් නවාංජන විසින් ජයග්‍රහණය කරමින් 30 න් පහළ කේවල ශූරයා බවට පත් වු අතර, එම ඉසව්වේම දක්ෂතම ක්‍රීඩකයා බවටද පත් විය.

අවුරුදු 30 ට වැඩි කේවල අවසන් මහා තරගයේදී 22 වැනි බලඇණියේ මේජර් අතුල චන්ද්‍රසේකර ආර්එස්පී ගේ ආක්‍රමණශීලී ප්‍රහාරයන් මැඩ පවත්වමින් ඉතා දක්ෂ ලෙස තරග වැදුනු 22 වැනි බලඇණියේ සෙ/481656 කෝප්‍රල් සේනානායක ඒජීකේ විසින් අවුරුදු 30 ට වැඩි කේවල ශූරතාවය දිනාගත් අතර, එම ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයා බවටද පත් විය.

අවුරුදු 30 න් පහළ යුගල අවසන් තරගයේදී 22 වැනි බලඇණිය නියෝජනය කරමින් තරග වැදුනු සෙ/ 483156 ලා/කෝප්‍රල් එදිරිසිංහ කේජීඒකේ සහ සෙ/485675 ලා/කෝප්‍රල් නිශාන්ත ජීඑස් පරාජය කරමින් 12 වැනි බළඇණියට අයත් ලුතිනන් ජී එන් නවාංජන සහ සෙ/484678 ලා/කෝප්‍රල් ඒෂාන් ඩීඑම්එල් විසින් එම ඉසව්වේ ශූරතාවය හිමිකර ගන්නා ලදි.

වයස අවුරුදු 30 ට වැඩි යුගල අවසන් තරගයේදී 6 වැනි බලඇණිය නියෝජනය කල සෙ/471195 සැරයන් රත්නායක පීජීඑන් සහ සෙ/465354 කෝප්‍රල් මියනකුඹුර ඒඑම්ආර් පරාජය කරමින් 22 වැනි බළඇණියේ මේජර් අතුල චන්ද්‍රසේකර ආර්එස්පී සහ සෙ/481656 කෝප්‍රල් සේනානායක ඒජීකේ විසින් එම ඉසව්වේ ශූරතාවය හිමිකර ගන්නා ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී සහභාගී වු අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 22 වන බළඇණියේ අණදෙන නිලධාරී, සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.