Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

27th July 2023 22:00:31 Hours

ගජබා රෙජිමේන්තු අන්තර් බලඇණි පිහිණුම් තරගාවලිය - 2023 රෙජිමේන්තු මධ්යරස්ථාන පිහිණුම් තඨාංගනයේදී පැවැත්විණි.

ගජබා රෙජිමේන්තුවේ ක්රී ඩා අංශය විසින් සංවිධානය කරන ලද “ගජබා රෙජිමේන්තු අන්තර් බලඇණි පිහිණුම් තරඟාවලිය 2023” 2023 මැයි 12 සහ 13 යන දෙදින තුළ රෙජිමේන්තු මධ්යරස්ථාන පිහිණුම් තඨාංගනයේදී පවත්වන ලදී. යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මග පෙන්වීම මත මධ්යතස්ථාන සේනාවිධායක බ්රි ගේඩියර් විශ්වජිත් විද්යා්නන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පීගේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වන ලද මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය සහ ත්යා්ග ප්රයදානෝත්සවය මැයි 13 වන සෙනසුරාදා දින ගජබා රෙජිමේන්තු පිහිණුම් තඨාංගනයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි 17 ක පිහිණුම් ක්රීlඩකයින් 65 දෙනෙකු කාණ්ඩ 5 ක් යටතේ තරඟ වැදුණු අතර, 2 වන (ස්වේ) බළඇණිය සහ 22 වන බලඇණිය සමඟ පැවති උණුසුම් තරඟ අවසානයකින් පසු ව 2 (ස්වේ) බළඇණිය සමස්ථ තරඟාවලියේ ශූරයින් බවට පත් වන ලදි. තරඟාවලියේ අනුශූරතාවය 22 වන බළඇණිය විසින් හිමිකර ගන්නා ලද අතර, සමස්ථ තරඟාවලියේ දක්ෂතම පිහිණුම් ක්රීනඩකයා ලෙස 14 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවට අයත් සෙ/490407 පාසෙ කුමාර පීඑච්ආර්ඩී සම්මාන ලැබීය.

අවසන් මහ තරඟාවලිය සඳහා නියෝජ්යහ මධ්ය ස්ථාන සේනාවිධායක කර්නල් රොෂාන් කළුපහන ආර්එස්පී යූඑස්පී යන ජ්යෙයෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු රෙජිමේන්තු මධ්යනස්ථානයේ ජ්යේෂ්ඨ නිලධාරීන්, 22 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තුමන්, රෙජිමේන්තු මධ්යඩස්ථානයේ සියළුම මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් මේ සඳහා සහභාගී විය.