Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd November 2024 19:54:08 Hours

ගජබා රෙජිමේන්තු අධිපති තුමන්ගේ බළඇණි සංචාරය

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජි ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සි බි වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2024.11.16 වන දින ගජබා රෙජිමේන්තුවේ 14 වන ගජබා බළඇණිය, 11 වන ගජබා (ස්වේච්ඡා) බළඇණිය හා 4 වන ගජබා බළඇණියෙහි සංචාරයක නිරත විය.

මෙම සංචාරය 14 වන ගජබා බලඇණිය වෙතින් ආරම්භ කරන ලද අතර, චාරිත්‍රානුකූලව කඳවුරු සම්මාන මුරයක් මගින් රෙජිමේන්තු අධිපති තුමන් ගෞරවාන්විතව පිළිගන්නා ලදි. අනතුරුව භට පිරිස් ඇමතීම, සහ කඳවුරු චාරිකාව සනිටුහන් කිරීම සඳහා රුක් රෝපණය කිරීමද සිදු කරන ලදි.

එදින දිවා කාලයේදී 11 වන ගජබා (ස්වේච්ඡා) බළඇණිය වෙත සංචාරය කරන ලදි. පසුකර යෑමේ ආචාර මුරයක් මගින් එතුමන් පිළිගන්නා ලද අතර, එදින උත්සවය පැළ රෝපණය කිරිම, භට පිරිස් ඇමතීම, සහ නිලධාරි නිවස්නයේදී ප්‍රණිත දිවා භෝජන සංග්‍රහයකින්ද සමන්විත විය. අනතුරුව මඩු මාතාවගේ දේවස්ථානයේදී ආශිර්වාද ලබාගැනීමත් සිදු කරන ලදි.

එම බළඇණි සංචාරය 4 වන ගජබා රෙජිමේන්තුව වෙතින් අවසන් කරන ලද අතර, එම ඒකකය වෙතින් පසුකර යෑමේ ආචාර මුරයක් මගින් රෙජිමේන්තු අධිපති තුමන් අභිමානයෙන් පිළිගත් අතර, චාරිකාවේදී භඨ පිරිස් ඇමතීමෙන් පසුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකින් සංචාරය අවසන් විය.

මෙම බළඇණී සංචාරය මගින් රෙජිමේන්තු අධිපති තුමන්ගේ නායකත්වය, බළඇණි අතර, මනා සම්බන්ධතාවය සහ රෙජිමේන්තුවේ අභිමානය යන මූලික සාරධර්ම ශක්තිමත් කරන ලද අතර, ගජබා රෙජිමේන්තුව විශිෂ්ඨත්වය සඳහා කරන ලද කැපවීමෙහි ප්‍රථිඵල ස්ථිරව පවතින බව සහතික කලේය.