Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 09:55:44 Hours

කේටේරියන්ස් රග්බි කණ්ඩායම පළමු තරගය ජය ගනී

පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බළකා ක්‍රීඩාංගණයේ පැවති 2023 වසරේ යුධ හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි තරඟාවලියේ පළමු වටයේ තරගයේදී යුධ හමුදා ඉංජිනේරු බළකා කණ්ඩායමට එරෙහිව අප්‍රතිහත සාමූහිකත්වයක් පෙන්නුම් කරමින් පළමු ජයග්‍රහණය තහවුරු කිරීමට ගජබා රෙජිමේන්තු රග්බි ක්‍රීඩකයින් සමත් විය.

තරගය ආරම්භයේ සිටම තම හැකියාවන් මනාව පෙන්නුම් කරමින් ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයින් හට ක්‍රමක්‍රමයෙන් දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරමින් තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ ලකුණු 37 – 0 ක් වශයෙනි.

මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයු පීඑස්සී - අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද තරග ක්‍රීඩාංගනයේදී ගජබා රෙජිමේන්තු රග්බි කණ්ඩායමේ සාමාජිකයින් හට සුබ පැතුම් පිරිනමන ලදි.

මෙම තරගාවලියේ පළමු වටයේ දෙවන තරගය 2023 ජුනි 19 වන දින ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායට එරෙහිව පැවැත්වේ.