Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th August 2023 18:52:04 Hours

අන්තර් රෙජිමේන්තු 3×3 පැසිපන්දු ශූරතාව - 2023

“අන්තර් රෙජිමේන්තු 3×3 පැසිපන්දු තරඟාවලිය - 2023” ජූලි 25 සහ 26 යන දිනයන්හිදී පනාගොඩ පාබළ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන එළිමහන් පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරඟාවලියේදී ගජබා රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායම ලකුණු 16 ට 09 ක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකා කණ්ඩායම (ශ්‍රීලයුපොදුසේබ) පරාජයට පත්කරමින් අනුශූරතාව දිනා ගන්නා ලදී.

ගජබා රෙජිමේන්තු කණ්ඩායම සඳහා පහත සඳහන් අයවළුන් ක්‍රීඩා කරන ලදි:

සෙ/469992 කෝප්‍රල් ද සිල්වා ජේඒඑල්

සෙ/480081 ලා/කෝප්‍රල් ජයරත්න යුජීඑච්එම්එල්එම්කේ

සෙ/485562 ලා/කෝප්‍රල් ඩයස් එම්ඩීටී

සෙ/ජී102326 ලා/කෝප්‍රල් ප්‍රනාන්දු ඩබ්එෆ්ඩී