Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 10:36:54 Hours

අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2023 ශූරතාවය 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවට

ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩා අංශය විසින් සංවිධානය කරන ලද “ගජබා රෙජිමේන්තු අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2023” 2023 ජුනි 15 වන දින සිට 19 වැනි දින දක්වා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගජබා රෙජිමේන්තුවේ සිටින දක්ෂතා හා හැකියාවන් ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන්ව ඉදිරියේදී පැවැත්වෙන රෙජිමේන්තු මට්ටමේ තරඟාවලියන් සඳහා මනා තරඟකාරීත්වයකින් යුතුව ඒ සඳහා ඉදිරිපත් කිරීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මගපෙන්වීම මත රෙජිමේන්තු අධිපති තුමන්ගේ හා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ගේ පුර්ණ අධීක්ෂණය මත මෙම ක්‍රිකට් තරඟය සංවිධානය කරන ලදී.

9 වන බලඇණිය හා 16 වන බලඇණිය අතර ඉතා විශිෂ්ට අන්දමින් පැවති අවසන් මහා තරඟයේදී 9 වන බලඇණි කණ්ඩායම පරදවා 16 වන බලඇණි කණ්ඩායම ශූරයින් බවට පත් වූ අතර, 9 වන බලඇණිය තරඟාවලියේ අනුශූරයන් බවට පත්විය.

සෙ/479211 සැරයන් පුෂ්පකුමාර එස්එස් (16 ගරෙ) තරඟාලියේ වීරයා මෙන්ම තරඟාලියේ දක්ෂතම පිතිකරුවා ලෙසත් සෙ/468852 ව/සැරයන් ප්‍රියංකර ඒඒටී (16 ගරෙ) තරඟාලියේ දක්ෂතම පන්දු යවන්නා ‍ලෙසත් සම්මාන දිනාගන්නා ලදි.

නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රොෂාන් කළුපහන ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 22 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.