Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th April 2023 11:15:43 Hours

අන්තර් ඒකක එල්ලේ තරඟාවලිය 2023 - ශුරතාවය 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් දිනා ගනී.

ගජබා රෙජිමේන්තුවේ ක්‍රිඩා අංශය මගින් සංවිධානය කරන ලද ගජබා රෙජිමේන්තු අන්තර් ඒකක එල්ලේ තරඟාවලිය 2023 යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මගපෙන්වීම යටතේ හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ පූර්ණ අධික්ෂණය මත 2023 මාර්තු මස 21 සහ 22 යන දෙදින තුල ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.

ගජබා රෙජිමේන්තුවට අයත් ඒකක 17 ක් නියෝජනය කරමින් පැවති මෙම තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබු 4 වන බළඇණිය සහ 20 වන බළඇණිය අතර පැවති අවසන් තරගයේදී ලකුණු 10 ක් ලබා ගනිමින් 4 වන බළඇණිය තරගාවලියේ ශූරතාවය තහවුරු කරගත් අතර, 20 වන බළඇණිය අනු ශූරතාවයද, 5 (සෙව්) බළඇණිය තෙවන ස්ථානයද, හිමි කර ගන්නා ලදී. මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි සම්මානය 4 වන බළඇණියට අයත් නි/70289 කපිතන් ඊඑල්අයිඩි වික්‍රමනායක විසින් දිනා ගන්නා ලදී.

තරගාවලියේ ජයසංකේත හා සහතිකපත් ප්‍රධානය නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රොෂාන් කලුපහන ආර්එස්පි යුඑස්පි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලද අතර, එම අවස්ථාව සඳහා ඒකක අණදෙන නිලධාරි කිහිප දෙනෙකු හා මාණ්ඩලික නිලධාරින්,රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වුහ.