03rd June 2025 12:28:16 Hours
211 පාබල බලසේනාව යටතේ ඇති ගජබා රෙජිමේන්තුවේ 9 වන බලඇණිය විසින් 211 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟ පෙන්වීම සහ 9 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ 2025 මැයි 26 වන දින ජනකපුර හි දී ගැබිනි මව්වරුන් 161 දෙනෙකු වෙත ප්‍රතිලාභ සැලසෙන පරිදි මාතෘ සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.
මාතෘ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම උත්සවයට ෆෝ එවර් ස්කින් නැචුරල්ස් (4rever Skin Naturals) ආයතනයේ සභාපතිනි චාන්දනි බණ්ඩාර මහත්මිය නොමසුරු අනුග්‍රාහක දායකත්වය දැක්වූ අතර, එම උත්සව අවස්ථාව උණුසුම් සුහදශීලි පරිසරයක විනෝදාස්වාදය සමගින් සෑම මවකටම මාතෘ තෑගි පාර්සලයක්, දිවා ආහාරය ලබාදෙන ලදි.