Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th June 2024 09:23:20 Hours

8 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 16 වන අණදෙන නිලධාරි සිය රාජකාරි ආරම්භ කරයි

8 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 16 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් සෙනාල් විසිදාගම ආර්එස්පී යුඑස්පීයන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මාර්තු මස 02 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුභ මොහොතින් මාතලේ ප්‍රදේශයේ ස්ථාපිත බළඇණි මුලස්ථානයේදී අභිනවයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඒකකය වෙත පැමිනි නව අණදෙන නිලධාරි, විධායක අධිකාරි කපිතාන් ධනංජය විජේසූරිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන අභිමානවත් කඳවුරු මුරයක් හා දෙවන අණදෙන නිලධාරි මේජර් දීපාල් යෝනමුල්ල ගේ අණදීම යටතේ වර්ණවත් සම්මාන පෙලපාලියකින් ආචාර කරන ලදි. ඉන් අනතුරුව යෙදුනු සුබ මොහොතින් ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සිය රාජකාරී භාරගැනීම සිදුකරන ලදි.

ඉන් අනතුරුව නව අණදෙන නිලධාරි තුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී වෙමින් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වන ලද අතර, නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.