?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd June 2025 08:38:47 Hours

8 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව සිය 24 වන සංවත්සරය සමරයි.

8 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව 2025 ජුනි 20 වන දින සිය 24 වන සංවත්සරය අභිමානයෙන් සමරනු ලැබීය. අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සෙනාල් විසිදාගම ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ගෞරවනීය නායකත්වය යටතේ, බලඇණි ධජයට සහ දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම සාමාජිකයින්ට ආශිර්වාද කිරීම සඳහා සියලුම ආගමික වතාවත් සමඟින් දිනය ආරම්භ විය. ඊට අමතරව, ජීවිත පරිත්‍යාගය කළ මියගිය රණවිරුවන්ට පින් පමුණුවන ලදී.

මෙම අවස්ථාව සැමරීම සඳහා, අණදෙන නිලධාරි වෙත හමුදා සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ඉන් අනතුරුව බලඇණියේ විනය හා එකමුතුකම විදහා දක්වමින් සම්මාන පෙළපාලියක් ද පැවැත්විණි. ඉන් පසු සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එම අවස්ථාවේදී අණදෙන නිලධාරි තුමන් විසින් බලඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත සුහදතාවයේ සහ හෘදයාංගම කෘතඥතාව පල කරන ලදි.