Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 12:04:50 Hours

8 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව 22 වැනි සංවත්සරය සමරයි

8 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව සිය 22 වන සංවත්සරය ජුනි 20 වන දින මාතලේ උකුවෙල පිහිටි බළඇණි මූලස්ථානයේදී සමරනු ලැබීය.

දළදා මාලිගාව, ශ්‍රී මුත්තු අම්මාන් කෝවිල, ශාන්ත තෝමස් දේවස්ථානය සහ මාතලේ මහ පල්ලියේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව සංවත්සර වැඩසටහන ආරම්භ වූ අතර, මෙයට සමගාමීව බළඇණි මූලස්ථානයේදී සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනාවක්ද පවත්වන ලදි.

යුධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, සංවත්සර දිනයේදී ඒකක අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් නිලන්ත සිල්වා යුඑස්පී පීඑස්සී වෙත කඳවුරු මුරයක් ද පිරිනමන ලද අතර. අණදෙන නිළධාරී විසින් භට පිරිස් ඇමතීමෙන් අනතුරුව සියලු නිලයන් සඳහා පැවති දිවා භෝජන සංග්‍රහයට එක්වන ලදි.