Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

19th September 2023 14:55:09 Hours

7 වන ස්වේච්ඡා බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 11 වන අණදෙන නිලධාරි සිය රාජකාරි ආරම්භ කරයි.

7 වන ස්වේච්ඡා බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 11 වන අණදෙන නිලධාරී වශයෙන් පත් වු මේජර් ජානක හේරත් 2023 සැප්තැම්බර් 18 දිනට යෙදුනු සුභ මොහොතින් ආගමික ආශිර්වාද මධ්ය යේ බත්තරමුල්ල පිහිටි ඒකක මුලස්ථානයේදී සිය රාජකාරි භාර ගැනීම සිදුකරන ලදි.

දෙවන අණදෙන නිලධාරී මේජර් උමේෂ් රත්නායක විසින් කඳවුර වෙත පැමිණි නව අණදෙන නිලධාරි තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නව අණදෙන නිලධාරි තුමන් වෙත අභිමානවත් කඳවුරු මුරයක් ද පිළිගන්වමින් එතුමන් වෙත ආචාරය පුදකිරීම සිදුකරන ලදි. ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්යකයේ මේජර් ජානක හේරත් විසින් නිල සටහන් පොතෙහි අත්සන් තබමින් සිය රාජකාරී භාරගැනීම සිදු කරන ලදි.

තවද, බළඇණියේ ඉදිරි කටයුතු පිළිබඳව මෙන්ම භට පිරිස් සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද සිය භට පිරිස් අමතමින් පැහැදිළිකර දීමෙන් අනතුරුව සෙසු නිලයින්ගේ භෝජනාගාරයේ පැවති සියලුම නිලයින්ගේ තේ පැන් සංග්රීහයට සහභාගී වී භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්රේණ සභාව නියෝජනය කරනු ලබන ජ්යෙධෂ්ඨ නිලධාරින්, මධ්යළස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.