Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

05th June 2025 14:52:32 Hours

7 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නව ලද අණදෙන නිලධාරී සිය තනතුරේ රාජකාරි ආරම්භ කරයි.

7 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 12 වන අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ඩබ්ලිව් එන් එම් එස් දනසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි 04 වන දින මාදම්පේ පිහිටි බලඇණි මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදි.

නව අණදෙන නිලධාරීතුමන් වෙත සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සුභ මොහොතින් රාජකාරි භාර ගත්තේය. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින්, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන්, භඨපිරිස් ඇමතීමක්ද සිදුකරන ලදි. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ එතුමන් රැස්ව සිටි භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඔහුගේ නව පත්වීමට සහ ඔහුගේ අනාගතය සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එක් කරන ලදි.