Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

10th December 2024 11:50:00 Hours

6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් දිළිඳු පවුලක් වෙත නව නිවසක්.

6 වන බලඇණියෙ භට පිරිස් විසින් මරදන්කඩවල ලබුනොරුව ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා ඇති පවුලක් වෙත අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් නිල වශයෙන් ප්‍රදානය කිරීම 2024 දෙසැම්බර් මස 10 වන දින සිදුකරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපාය මාර්ගික මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර 6 වන බලඇණියේ අණදෙන නිලධාරි මේජර් ඩී එස් හඳුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් තම ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික කුසලතා එක්කරමින් මෙම නිවස ඉදිකරන ලදී. මේ සදහා මුල්‍ය දායකත්වය සමන්විත හර්ෂනී පූර්ණිමා නන්දසිරි මහත්මිය අතුළු එම පවුගේ සාමාජිකයින් 06 දෙනෙකු වෙතින් ලබා දුන් අතර, ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීන්ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදී.

මෙම නිවස අයිතියට පත්කිරීමේ උත්සවයේදී සංකේතාත්මකව නිවසේ යතුරු ප්‍රතිලාභියා වෙත ප්‍රදානය කිරීම සාම්ප්‍රදායික ආගමික වතාවත් සමගින් ආඥාපති ආරක්ෂක සේනා (බටහිර) මේජර් ජෙනරාල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකල අතර, පවුලේ සැමට ආශිර්වාද පළ කරමින් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකවීමට සුභ පැතුම් එක් කරමින් මෙම උත්සවය පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාවට ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජී ඒ ටී ගොඩවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ ගජබා රෙජිමේන්තුවේ 6 වැනි බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ඩීඑස් හදුන්ගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රතිලාභීන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වී එම අවස්ථාව සාර්ථක කිරීමට සහයෝගය දක්වන ලදි.