Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th June 2024 09:19:43 Hours

4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි සිය රාජකාරි ආරම්භ කරයි

4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී වශයෙන් මේජර් ගයන්ත නිරංජන් ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මාර්තු මස 01 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුභ මොහොතින් මඩු ප්‍රදේශයේ ස්ථාපිත බළඇණි මුලස්ථානයේදී අභිනවයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඒකකයේ දෙවන අණදෙන නිලධාරි මේජර්නෙරංජන් විජේබණ්ඩාර පීඑස්සීවිසින් කඳවුර වෙත පැමිණි නව අණදෙන නිලධාරී තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අභිමානවත් කඳවුරු මුරයක් හා වර්ණවත් වු සම්මාන පෙළපාලියක්ද එතුමන් වෙත පිළිගන්වන ලදි. ඉන් අනතුරුව යෙදුනු සුබ මොහොතින් ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් කරමින් සිය රාජකාරී භාරගැනීම සිදුකරන ලදි. එම අවස්ථාව සනිටුහන් කරමින් අණදෙන නිලධාරි විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් සිය මතක සටහන් එක්කරන ලදි.

ඉන් අනතුරුව නව අණදෙන නිලධාරි තුමන් විසින් ඒකකයේ භට පිරිස් අමතමින් බළඇණියේ ඉදිරි කටයුතු සහ සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී වෙමින් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වන ලදි. නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.