?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

30th September 2025 20:25:53 Hours

4 වන බලඇණියේ ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිළධාරී සිය ධුරයේ වැඩ භාර ගනී.

ලුතිනන් කර්නල් එම් එස් එස් ප්‍රනාන්දු යූඑස්පීපීඑස්සී 2025 සැප්තැම්බර් 30 වන දින මඩු - මන්නාරමේ පිහිටි බලඇණි මූලස්ථානයේදී 4 වන බලඇණිය වන ගජබා රෙජිමේන්තුවේ 3 වන අණදෙන නිලධාරී ලෙස වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීම් ලද අණදෙන නිළධාරි කඳවුර වෙත පැමිණි අවස්ථාවේ බලඇණියේ දෙවන අණදෙන නිළධාරී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව කඳවුරු මුරයක් පිරිනමන ලදි. පසුව බළඇණි සරඹ භූමියේ පැවති වර්ණවත් සම්මාන පෙළපාලියකින් ආචාරය පුද කර උපහාරය ලබා දීමෙන් අනතුරුව, ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සුබ මොහොතින් රාජකාරි ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව, මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් අණදෙන නිළධාරී විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ඔහු, භට පිරිස් අමතා දේශනයක්පවත්වන ලදි. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, අණදෙන නිලධාරීතුමන් යටතේ සිටින භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තුමධ්‍යස්ථානයේසියලුම මාණ්ඩලික නිළධාරීහු අණදෙන නිළධාරිගේ නව පත්වීමට සහ ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සුභ පැතුම් එක් කරන ලදි.