?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

22nd June 2025 21:28:01 Hours

3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී සිය ධූරයේ රාජකාරි භාර ගනී.

3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 22 වන අණදෙන නිලධාරි ලෙස මේජර් එච් සී ජේ බී හිඳගොල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි 13 වන දින මාන්කුලම් හි බලඇණි මූලස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.

නව අණදෙන නිලධාරීතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර, ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි. මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කර, භට පිරිස් අමතමින් විධිමත් දේශනයක් පැවැත්වීය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, එම අවස්ථාවට සහභාගීවන ලද භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් විසින් අණදෙන නිලධාරිගේ නව පත්වීම පිළිබඳව හෘදයාංගම සුබ පැතුම් එක් කරන අතර, අනාගත සියලු කටයුතු සාර්ථකත්වය වෙනුවෙන් සුභ පැතුම් පිරිනමන ලදි.