?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

02nd October 2025 20:25:53 Hours

22 වන බලඇණියේ නව අණදෙන නිලධාරී සිය ධුරයේ වැඩ භාර ගනී

මේජර් එම් පී එල් එස් හේමචන්ද්‍ර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගජබා රෙජිමේන්තුවේ 22 වැනි බලඇණියේ 9 වැනි අණදෙන නිලධාරී වශයෙන් 2025 ඔක්තෝම්බර් 02 වැනි දින සාලියපුර-අනුරාදපුර 22 වන බලඇණි මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නව පත්වීම් ලද අණදෙන නිළධාරි කඳවුර වෙත පැමිණි අවස්ථාවේ බලඇණියේ දෙවන අණදෙන නිළධාරී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව කඳවුරු මුරයක් පිරිනමන ලදි. පසුව බළඇණි සරඹ භූමියේ පැවති වර්ණවත් සම්මාන පෙළපාලියකින් ආචාරය පුද කර උපහාරය ලබා දීමෙන් අනතුරුව, ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සුබ මොහොතින් රාජකාරි ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව, මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් අණදෙන නිළධාරී විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ ඔහු, භට පිරිස් අමතා විධිමත් දේශනයක් පැවැත්වීය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, අණදෙන නිලධාරීතුමන් යටතේ සිටින භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තුමධ්‍යස්ථානයේසියලුම මාණ්ඩලික නිළධාරීහු අණදෙන නිළධාරිගේ නව පත්වීමට සහ ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සුභ පැතුම් එක් කරන ලදි.