Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th June 2024 12:16:56 Hours

2024 ගජබා සේවා වනිතා අලුත් අවුරුදු පොළ සාලියපුරදී සාර්ථකව පවත්වන ලදී.

ගජබා සේවා වනිතා අලුත් අවුරුදු පොළ - 2024 අප්‍රේල් 9 සිට 11 දක්වා දින තුනකදී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර පීරිස් සහ ගජබා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දිලූපා පීරිස් මහත්මියගේ උපදෙස් පරිදි සංවිධානය කර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රෙය්දී පවත්වන ලදි.

අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සමඟ සහභාගී වන ලදි.

ගජබා සේවා වනිතා පොළට සමගාමීව කමාන්ඩෝ කේ-9 ඒකකය මගින් සුනඛ සංදර්ශනය, යුධ හමුදා පොලිස් හේවා බලකායේ කණ්ඩායමක් විසින් යතුරුපැදි සංදර්ශණය ඉදිරිපත් කිරීම, තූර්ය වාදක සංදර්ශනය, වායු රයිෆල් වෙඩි තැබීම සහ ජනප්‍රිය ගායන ශිල්පීන් ඇතුළත් සජීවී සංගීත සංදර්ශන වැනි අංගයන්ගෙන් සමන්විත විය.

ප්‍රදේශයේ සහ ඒ අවට සිවිල් වැසියන් විශාල පිරිසකට මෙන්ම හමුදා නිලධාරීන්ට ද අලුත් අවුරුද්දට පෙර සහන මිලට තම නිවසට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට මෙම පොළෙන් අවස්ථාව හිමි වන ලද අතර, සෑම සන්ධ්‍යාවකම නර්ථන කණ්ඩායම් ඇතුලු සංගීත සංදර්ශන ද රැස්ව සිටි පිරිසට විනෝදාස්වාදය ගෙන එන ලදි.