Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th June 2024 09:40:28 Hours

2024 ගජබා සුපර්ක්‍රොස් අයිස් බ්‍රේක් තරඟාවලියේ නැගී එන ධාවන ශූරයා, සුපර්මෝටෝ 250සීසී තුන්වන ස්ථානය සහ 125සීසී විවෘත ඉසව්ව පස්වන ස්ථානය ගජබා යතුරුපැදි ධාවකයින් හිමිකර ගනී.

ගජබා යතුරු පැදි ධාවක පාබල සෙබළ බුද්ධික සෙනවිරත්න එල් - 7(ස්වේ)ගරෙ විසින් 2024 ගජබා සුපර්ක්‍රොස් ධාවන පථයේදී පවත්වන ලද අයිස් බ්‍රේක් තරඟාවලියේදී නැගීඑන ධාවන ශූරයා සහ සුපර් මෝටෝ 250 සිසි තරඟ ඉසව්වේ තුන්වන ස්ථානය හිමිකර ගන්නා ලද අතර, සැරයන් ජයතිලක කේඩිඒආර් 7(ස්වේ)ගරෙ විසින් 125 සිසි විවෘත ඉසව්වෙන් පස්වන ස්ථානය ලබා ගන්නා ලදී. දිවයින පුරා සිටින තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් 2024 මාර්තු මස 2 සහ 3 දිනයන් හිදි මෙම තරඟාවලිය පැවැත්වූ අතර, ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සඳහා කෙටේරියන් අපි සියලු දෙනා අපගේ සුබ පැතුම් පිරිනමන්නෙමු.