Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st August 2018 14:08:36 Hours

2018.08.28 වන දින මිහිදු සෙත් මැදුර අත්තිඩිය රෝහල් සංචාරය

යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ වාර්ෂික සැළැස්මට අනුව මෙම රෙම වෙත ලබාදී ඇති රෝහල් සංචාර අතුරින් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලබා රණක්‍ෂිතව දැනට රණවිරු මිහිදුසෙත් මැදුර අත්තිඩිය සුවසහන මධ්‍යස්ථානයෙහි නේවාසිකව ප්‍රථීකාර ලබන විරෝධාර රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීමේ රෝහල් සංචාරයක් 2018.08.28 වන දින ගජබා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර, ඒ සඳහා ගජබා සේවා වනිතා සාමාජිකාවන් ද, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක්ද සහභාගිවන ලදී.

මෙහිදී නේවාසික රණවිරුවන්ගේ වින්දනය වෙනුවෙන් නර්ථන හා සංගීත වැඩසටහනක් පැවැත්වු අතර, රණවිරුවන් වෙනුවෙන් ත්‍යාග පාර්සලය බැගින් ලබාදීමටත් රණක්ෂිතයට පත් රණවිරුවන් ඇතුලූ සියළුම කාර්ය මණ්ඩලය වෙත ප්‍රණීත දිවා ආහාර වේලක්ද ලබාදීමටත් කටයුතු කරන ලදි.