Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 10:10:09 Hours

20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 7 වන අණදෙන නිලධාරි සිය රාජකාරි ආරම්භ කරයි.

2023 ජුනි මස 15 වන දිනට යෙදුනු සුබ මොහොතින් 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි වශයෙන් මේජර් නීල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි පුල්මුඩේ පිහිටි බළඇණි මුලස්ථානයේදී ආගමික වතාවත් වලින් අනතුරුව අභිනවයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

දෙවන අණදෙන නිළධාරී මේජර් ජයම්පති හිදගොල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි විසින් ඉතා උණුසුම් අයුරින් නව අණදෙන නිළධාරි තුමන් පිළිගැනීමෙන් අනතුරුව අණදෙන නිලධාරි වෙත අභිමානවත් කඳවුරු මුරයක් ද පිළිගන්වන ලදි.

ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ නිල සටහන් පොතෙහි අත්සන් තබමින් වැඩ භාරගැනීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේදී පැළයක් රෝපණය කරමින් අණදෙන නිලධාරි තුමන් විසින් සිය මතකයන් 20 වන ගජබා රෙජිමේන්තුව වෙනුවෙන් එක් කළේය.

බළඇණියේ ඉදිරි කටයුතු පිළිබදව සහ ඒකකයේ භට පිරිස් සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සිය භට පිරිස් අමතමින් පැහැදිළිකර දීමෙන් අනතුරුව සෙසු නිලයින්ගේ භෝජනාගාරයේ පැවති සියලුම නිලයින්ගේ තේ පැන් සංග්‍රහයට සහභාගී විය.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.