09th January 2025 10:12:45 Hours
20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 16 වන සංවත්සරය අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව් ඩබ්ලිව් එන් සි වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්යෙවෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ 2025 ජනවාරි මස 01 වන දින අභිමානවත් අයුරින් සැරමරීය.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් අණදෙන නිලධාරි හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, අනතුරුව සම්මාන පෙළපාලියක් ද පවත්වන ලදි. පසුව අණදෙන නිලධාරි විසින් කඳවුරු පරිශ්රරයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, අනතුරුව සියළුම නිළයන් නියෝජනය කරමින් දිවා භෝජන සංග්රාහයක් පවත්වා එදිනම රාත්රීු පිරිත් සජ්ජායනාවක් සිදුකර පසු දින භික්ෂුiන් වහන්සේලා වෙනුවෙන් හීල් දානය පූජා කරන ලදි.
තවද, මෙම වැඩ සටහන් සඳහා ඒකකයේ ජ්යෙමෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වන ලදි.