Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

27th October 2023 16:02:40 Hours

2 වන ස්වේච්ඡා බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි සිය රාජකාරි ආරම්භ කරයි

2 වන ස්වේච්ඡා බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 17 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් කපිල ධර්මදාස ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝබර් මස 21 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුභ මොහොතින් ත්‍රීකුණාමලය, ෆෙඩ්රික් බළකොටුවේ පිහිටි 2 වන ස්වේච්ඡා බළඇණි මුලස්ථානයේදී අභිනවයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඒකකයේ වැඩ බලන දෙවන අණදෙන නිලධාරි මේජර් දිලින කොඩිතුවක්කු විසින් කඳවුර වෙත පැමිණි නව අණදෙන නිලධාරී තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අභිමානවත් කඳවුරු මුරයක් පිළිගන්වන ලදි. ඉන් අනතුරුව සිය රාජකාරි භාර ගැනීමෙන් පසුව එම අවස්ථාව සනිටුහන් කරමින් අණදෙන නිලධාරි විසින් අල්පොන්සු අඹ පැළයක් රෝපණය කරමින් මතක සටහන් එක්කරන ලදි. පසුව නව අණදෙන නිලධාරි තුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකටද එක්වෙමින් ඒකක භට පිරිස් අමතමින් ඔවුන් සමග සුහදව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.