Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

04th June 2025 16:12:12 Hours

2 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී සිය තනතුරේ රාජකාරි ආරම්භ කරයි.

2 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 18 වන අණදෙන නිලධාරි ලෙස මේජර් ජී ඒ සිතාර ජ්‍යෙෂ්ඨ නිලධාරි බලඇණි මූලස්ථානය ත්‍රිකුණාමලයේ දී 2025 ජුනි 03 වන දින රාජකාරි ආරම්භ කරන ලදි.

නව අණදෙන නිලධාරී තුමන් වෙත හමුදා සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීය. ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් සිය රාජකාරි භාර ගත්තේය. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින්, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, භඨ පිරිස් ඇමතීමක්ද සිදුකරන ලදි. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ එතුමන් රැස්ව සිටි භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඔහුගේ නව පත්වීමට සහ ඔහුගේ අනාගතයට සුභ පැතුම් එක් කරන ලදි.