Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th May 2023 20:47:51 Hours

1වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 20 වන අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි.

1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් මහේෂ් සමරවික්‍රම යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මාර්තු මස 05 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුබ මොහොතින් දේවහූව 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

කඳවුර වෙත පැමිණි අණදෙන නිළධාරි තුමන් දෙවන අණදෙන නිළධාරී මේජර් ලසන්ත හේමචන්ද්‍ර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නව අණදෙන නිලධාරි වෙත අභිමානවත් කඳවුරු මුරයක් හා සම්මාන මුරයක් පිළිගන්වන ලදි.

ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් ඔහු වැඩ භාර ගත්තේය. වැඩ භාර ගැනීමෙන් පසු කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් ඔහු මතකයන් 1 වන ගජබා රෙජිමේන්තුව වෙත එක් කළේය.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.