Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th May 2023 20:56:18 Hours

16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පවත්වන ලද තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක්

ගජබා රෙජිමේන්තුවේ 16 වන බලඇණියේ භට පිරිස් විසින් 2023 අප්‍රේල් 22 වන දින කරුවලගස්වැව තබ්බෝව පුරාණ රජමහා විහාරස්ථානයේ දී ප්‍රජා ව්‍යාපෘතියක් පවත්වන ලද අතර එහිදී ගැබිනි මාතාවන් 50 දෙනෙකු සඳහා පෝෂණ ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, අවශ්‍ය ළදරු ද්‍රව්‍ය සහ උද්‍යානි මුණසිංහ මහත්මිය ඇතුළු පිරිස විසින් සපයන ලද නොමසුරු අනුග්‍රහය මත අඩු ආදායම්ලාභි පවුල් වල පාසල් දරුවන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ ද අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් අතර බෙදා දෙන ලදී.

කරුවලගස්වැව, තබ්බෝව පුරාණ රජමහා විහාරයේ අති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් මත 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ජීආර් දිනේෂ් ජයරත්න යූඑස්පී පීඑස්සී විසින් සමස්ත උත්සවය සම්බන්ධීකරණය කරන ලදී.

එදින උත්සවය අවසානයේ මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනා හට ප්‍රණීත දිවා ආහාරයකින් සංග්‍රහ කරන ලදී.