Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th June 2024 09:29:20 Hours

16වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 11වන අණදෙන නිලධාරි සිය රාජකාරි ආරම්භ කරයි

16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 11 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් සුරේෂ් ප්‍රනාන්දු යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මාර්තු මස 01 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුභ මොහොතින් තබ්බෝව ප්‍රදේශයේ ස්ථාපිත බළඇණි මුලස්ථානයේදී අභිනවයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඒකකය වෙත පැමිනි නව අණදෙන නිලධාරි ලුතිතන් කුසල් සොයිසා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන අභිමානවත් කඳවුරු මුරයක්ද, දෙවන අණදෙන නිලධාරි මේජර් බුද්ධික පත්මසිරි පිඑස්සී ගේ අණදීම යටතේ විචිත්‍රවත් සම්මාන පෙලපාලියකින්ද ආචාර කරන ලද අතර එම අවස්ථාවේදී භඨපිරිස් ඇමතිමද සිදුකරන ලදි.

ඉන් අනතුරුව, මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අණදෙන නිළධාරී ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී. පසුව, ඔහු සෙසුනිළ භෝජනාගාර පරිශ්‍රයේ පැවති සියලුම නිළයින් වෙනුවෙන් පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර, එහිදී භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.