Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th May 2023 20:58:06 Hours

15වන (ස්වේ) බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි.

15 වන (ස්වේ) බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 9 වන අණදෙන නිලධාරි ලෙස මේජර් කපිල ධර්මදාස ආර්ඩබ්ලිව්පි ආර්එස්පියන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මැයි 05 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුබ මොහොතින් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පිහිටි 15 වන (ස්වේ) බළඇණිය ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

කඳවුර වෙත පැමිණි අණදෙන නිළධාරි තුමන් දෙවන අණදෙන නිළධාරී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නව අණදෙන නිලධාරි වෙත අභිමානවත් කඳවුරු මුරයක් පිළිගන්වන ලදි.

ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් ඔහු වැඩ භාර ගත්තේය. වැඩ භාර ගැනීමෙන් පසු කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් ඔහු මතකයන් 15 වන (ස්වේ) ගජබා රෙජිමේන්තුව වෙත එක් කිරීමෙන් පසු ඒකකයේ සියළු නිලයින් විසින් පිළිගන්වන ලද සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වී එහිදී සියලු නිලයින් අමතමින් තම ස්තූතිය පළකරන ලදී.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.