Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 10:14:58 Hours

14 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවෙහි 9 වන අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි.

14 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි වශයෙන් මේජර් රුක්මන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023 ජුනි මස 15 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුබ මොහොතින් යාපනය 14 වන බළඇණිය ගජබා රෙජිමේන්තු මුලස්ථානයේදී අභිනවයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

දෙවන අණදෙන නිළධාරී මේජර් හර්ෂන ජයසිංහ පිඑස්සි විසින් කඳවුර වෙත පැමිණි නව අණදෙන නිළධාරි තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අභිමානවත් කඳවුරු මුරයක් ද පිළිගන්වන ලදි.

ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් සිය රාජකාරී භාරගැනීමෙන් පසු කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් 9 වන අනදෙන නිලධාරි වශයෙන් සිය මතකයන් 14 වන ගජබා රෙජිමේන්තුව වෙත එක් කළේය.

තවද, නව අනදෙන නිලධාරි තුමන් විසින් තම ඒකකයේ භට පිරිස් අමතමින් විනය හා ඔවුන්ගේ පෞද්ගලික සහ යුධ දිවියේ සාර්ථකත්වයට පත්වන ආකාරය පිළිබඳව සියලු නිලයන් වෙත උපදෙස් ලබා දීමෙන් පසුව සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිළයන්ගේ තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර, එහිදී තම භට පිරිස් සමග සුහදව කතා කරමින් ඔවුන්ව දිරි ගන්වන ලදි.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.