09th January 2025 10:07:35 Hours
14 වන බලඇණියේ 10 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් තුෂාන්ත ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2025 ජනවාරි 01 වන දින ආගමික ආශිර්වාද මධ්‍යයේ යාපනය 14 වන බලඇණි මූලස්ථානයේ දී සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.
නව පත්වීම් ලද අණදෙන නිළධාරි කඳවුර වෙත පැමිණි අවස්ථාවේ බලඇණියේ දෙවන අණදෙන නිළධාරී මේජර් මලික කුලතුංග විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව කඳවුරු මුරයක් පිරිනමන ලදි. පසුව බළඇණි සරඹ භූමියේ පැවති වර්ණවත් සම්මාන පෙළපාලියකින් ආචාරය පුද කර උපහාරය ලබා දීමෙන් අනතුරුව, ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සුබ මොහොතින් රාජකාරි ආරම්භ කරන ලදි.
ඉන් අනතුරුව, මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් අණදෙන නිළධාරී විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.
පසුව ඔහු සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිළ තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර, එහිදී අණදෙන නිලධාරි විසින් භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිළධාරීහු අණදෙන නිළධාරිගේ නව පත්වීමට සහ ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සුභ පැතුම් එක් කරන ලදි.