?
22nd June 2025 21:33:00 Hours
12 වන බලඇණිය වන ගජබා රෙජිමේන්තුවේ 11 වන අණදෙන නිලධාරී ලෙස මේජර් කේ එච් ඩී එස් කුඩාහිටිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි යාල, පලටුපාන හි පිහිටි බලඇණි මූලස්ථානයේදී 2025 ජුනි 16 වන දින රාජකාරි භාර ගන්නා ලදී.
නව අණදෙන නිලධාරීතුමන් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා පිළිගන්නා ලදී. ඉන් පසු ආගමික ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් සුභ මොහොතින් රාජකාරි භාරගත් එතුමන්, මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කර, භට පිරිස් අමතමින් විධිමත් දේශනයක් පැවැත්වීය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, එම අවස්ථාවට සහභාගී වී සිටි භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.
රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඔහුගේ නව පත්වීම පිළිබඳව ඔවුන්ගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරන ලද අතර, අනාගත සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන ලදි.