Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th January 2024 18:46:51 Hours

11වන ස්වේච්ඡා බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරි සිය රාජකාරි ආරම්භ කරයි

11 වන ස්වේච්ඡා බළඇණිය ගජබා රෙජිමේන්තුවේ 12 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ලලිත් බංඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් මස 02 වන දින ආගමික වතාවත් වලින් අනතුරුව යෙදුනු සුභ මොහොතින් අක්කරායන්කුලම් හි පිහිටි 11 වන ස්වේච්ඡා බළඇණි මුලස්ථානයේදී අභිනවයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඒකකයේ වැඩ බලන දෙවන අණදෙන නිලධාරි මේජර් ධනුෂ්ක ප්‍රනාන්දු පිඑස්සී විසින් කඳවුර වෙත පැමිණි නව අණදෙන නිලධාරී තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අභිමානවත් කඳවුරු මුරයක් පිළිගන්වන ලදි. ඉන් අනතුරුව සිය රාජකාරි භාර ගැනීමෙන් පසුව නව අණදෙන නිලධාරි තුමන් සියලු නිළ තේ පැන් සංග්‍රහයකටද එක්වෙමින් ඒකක භට පිරිස් සමග සුහදව කතාබහක නිරත වන ලදි.

නව අණදෙන නිලධාරිගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපතිතුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින් සිය සුභාශිංසන එක්කර තිබිණි.