Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th March 2025 11:03:56 Hours

11 වන බලඇණි ගජබා රෙජිමේන්තුවේ නව අණදෙන නිලධාරී සිය තනතුරේ රාජකාරි ආරම්භ කරයි

11 වන ගජබා රෙජිමේන්තුවේ 13 වන අණදෙන නිලධාරී ලෙස මේජර් බී එම් ඒ ජී එස් එස් බී බස්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මුලන්කාවිල් හි බලඇණි මූලස්ථානයේදී 2025 පෙබරවාරි 18 වන දින රාජකාරි භාර ගන්නා ලදී.

නව අණදෙන නිලධාරීතුමන් වෙත හමුදා සම්මාන මුරයක් සහ විචිත්‍රවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් අණදෙන නිලධාරි නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, භඨ පිරිස් ඇමතීමද සිදුකරන ලදි. පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වෙමින් ඊට සහභාගී වූ භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් අණදෙන නිලධාරිගේ පත්වීමට සහ අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට සුබ පැතුම් එක් කරන ලදි.