Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

31st July 2023 15:36:05 Hours

10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවෙහි නවතමයෙන් පත් වු අණදෙන නිලධාරි සිය රාජකාරී ආරම්භ කරයි.

10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවෙහි 17 වන අණදෙන නිලධාරී ලෙස මේජර් නිශාන්ත වීරතුංග ආර්එස්පී විසින් 2023 ජූලි මස 23 වන දිනට යෙදුන සුභ මොහොතින් මහනුවර පිහිටි බළඇණි මූලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයෙහි සිය රාජකාරී භාර ගන්නා ලදී.

ඒකකයේ දෙවන අණදෙන නිලධාරි මේජර් අර්ජුන අබේගුණවර්ධන ආර්එස්පී යුඑස්පී පීඑස්සී විසින් විසින් කඳවුර වෙත පැමිණි නව අණදෙන නිලධාරි තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව නව අණදෙන නිලධාරි තුමන් හට අභිමානවත් අයුරින් කඳවුරු මුරයක්ද පිරිනැමීමෙන් එතුමන් හට ආචාර පුදකිරීම සිදුකල අතර, අණදෙන නිලධාරී මේජර් නිශාන්ත වීරතුංග ආර්එස්පී විසින් සිය රාජකාරී භාර ගැනීමෙන් පසු කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් 10 වන බළඇණිය වෙත සිය මතකයන් එක් කළේය.

ඉන් අනතුරුව නව අණදෙන නිලධාරී විසින් ඒකකයේ භට පිරිස් අමතමින් බළඇණියේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීමෙන් පසු සෙසුනිළ භෝජනාගාරයේ පැවති සියලු නිලයින්ගේ තේ පැන් සංග්‍රහයට සහභාගී වෙමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වන ලදි.

නව අණදෙන නිලධාරීගේ පත්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපති තුමන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් විසින් නව අණදෙන නිලධාරිගේ ඉදිරි කටයුතු සඳහා සිය සුභාශිංසන එක්කර තිබිණි.