Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th December 2024 16:30:00 Hours

සේනාංකාධිපති අභියෝගතා කුසලාන අත් පන්දු තරඟාවලිය - 2024 (53 පාබල සේනාංකය) ජය 3 වන ගජබා රෙජිමේන්තුවට

53 වන පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද සේනාංකාධිපති අභියෝගතා කුසලාන අත් පන්දු තරඟාවලිය - 2024 සේනාංක මූලස්ථානයේදී දෙසැම්බර් 12 වන දින සිට 15 වන දින දක්වා පැවති අතර, මෙහිදී ක්‍රීඩා කණ්ඩායම් 15 ක් තරඟ වදින ලදි. අවසන් මහා තරගයේදී 5ට 3ක් ලෙස ජයග්‍රහණය කරමින් 3 වැනි බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් ශූරතාව දිනා ගන්නා ලදී.

තුන් ඉරියව් ක්‍රීඩකයා - S/488436 පාබල කපුගමගේ ඩී ආර්(3ගරෙ) හොඳම පන්දු ඔසවන්නා - S/487241 පාබල වග්වත්තගේ

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එම්.එම්.එස් වික්‍රමරත්න ආර්.එස්.පී. සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගීවන ලද අතර, මෙම තරඟාවලියේදී ක්‍රීඩාශීලිත්වය සහ විශිෂ්ටත්වය සමරනු ලැබීය.