06th September 2024 15:30:38 Hours
මේජර් ජෙනරාල් අයිඑන්ඒබි පෙරේරා ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි (හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති)ජ්‍යෙෂ්ඨ නිලධාරි වසර 35 කට අධික කීර්තිමත් සහ විශිෂ්ට හමුදා දිවියක අවසානයේ විශ්‍රාම යාම වෙනුවෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2024 අගෝස්තු 20 වන දින විචිත්‍රවත් සමුගැනීමේ පෙළපාලියක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා උපහාර දැක්වීම සිදුකරන ලදී.
චාරිත්‍රානුකූලව කඳවුරු සම්මාන මුරයක් මගින් ප්‍රවීණ කෙටේරියන් නිලධාරි ගෞරවාන්විතන පිළිගැනීමෙන් එදින උත්සවය ආරම්භ වූ අතර ඉන් අනතුරුව දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. ගජබා රෙජිමේන්තුවේ විනය සහ එකමුතුකම ඉස්මතු කරමින් වර්ණවත් සම්මාන පෙළපාලියකින් විශ්‍රාම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උපහාර පිරිනමන ලදී.
යුද්ධ හමුදාධිපති සහ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද සමුගැනීමේ උත්සවය රාත්‍රී භෝජන සංග්‍රහයකින්ද යුක්ත විය.
යුද්ධ හමුදාධිපති සහ රෙජිමේන්තු අධිපති විසින් පිරිනමන ලද රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු මූලස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූ අතර, විශ්‍රාම යන කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවනීය සමුගැනීමක් එක්කරන ලදි.